දුම්වැටි විකිණූ රුසියානු සංචාරකයා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

සංචාරක වීසා මගින් පැමිණ තීරුබදු නොගෙවා මෙරටට රැගෙන ආ දුම්වැටි අලෙවි කරමින් සිටි රුසියානු ජාතිකයෙකුව උණවටුන සංචාරක පොලීස් මුරපොලේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හබරාදූව පොලීසියට භාරදී තිබේ.

මාස 06ක සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති මෙම සංචාරකයාගේ වීසා කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේදීය.

දකුණු පළාතේ නිවසක් කුළියට ගෙන රැදී සිටින මෙම සංචාරකයා තීරුබදු නොගෙවා ආනයනයකර ඇති දුම්වැටි සංචාරකයන්ට අලෙවි කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු සතුව තිබී දුම්වැටි 860ක් හමුවූ බව පොලීසිය කියයි.