නවතම පුවත්

මතුගම කලාප සණසේ හිටපු ලොක්කියක් CID දැලේ

අසංක

අසංක

රුපියල් කෝටි අටකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මතුගම කලාප සණස කාර්යාලයේ හිටපු කළමනාකාරිණියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය මතුගම කලාප සණස කාර්යාලයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතුකරමින් සිටියදී මුදල් පොතේ අසත්‍ය සටහන් ඇතුලත්කරමින් මෙම වංචාව කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇය විසින් වංචා කර ඇතැයි හෙළිවී ඇති මුදල රුපියල් අට කෝටි හැට ලක්ෂ අසූහයදහස් එකසිය හැත්තෑ එකයි ශත හැත්තෑ අටක (86,086,171.78) මුදලක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.මෙම වංචාව සිදුව ඇතැයි හෙළිවී ඇත්තේ 2015 වසරේ සිට 2019 වසරේ අප්‍රේල් 23 වෙනිදා දක්වා වසර 04ක පමණ කාලය තුළදී ය.මෙම වංචාව සම්බන්ධයෙන් ⁣ඊයේ 21 අත්අඩංගුවට ගෙන ඇති මතුගම කලාප සණස කාර්යාලයේ හිටපු කළමනාකාරිණිය අගලවත්ත ගිරකොළ පදිංචිකාරියක් බවත් ඇය 49 හැවිදිරිදි තැනැත්තියක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්