දුරකථන පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ණය හා අමතර කතා කාලයක්

Picture of අසංක

අසංක

නව කොරෝනා වසංගත මර්දන මෙහෙයුම් හේතුවෙන් රට තුළ පවතින ඇඳිරි නීතිය නිසා top-up කාඩ්පත් මිලදී ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා හදිසි ණය සහ අමතර කතා කාලයක් ලබා දීමට මෙරට ක්‍රියාත්මක සියලු දුරකථන සමාගම් එකඟ වී ඇත.

ඒ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් මත පදනම්ව ය.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා දුරකථන ක්‍රියාකරුවන් වෙත යොමුවීමෙන් දැනගත හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.