නවතම පුවත්

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රට තුල පවතින දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා ඒ අද (29) පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

මෙරට ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව  දෛනිකව තොරතුරු වාර්තා වන බවත්.

අල්ලස්, දුෂණ සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් රට තුල ඇති කරන බව ජනාධිපතිවරයා කියා සිටීයා.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇත. කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රැස්ව සිටී ජනතාව සමග ජනාධිපතිවරයා පැවසීය.

නවීන තාක්ෂණය මුසුකර ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුව ඇත.  ඒ සඳහා කෘෂි භෝග ආනයනය නවතා අස්වැන්නට ඉහළ මිලක් දීමට රජය පියවර ගෙන තිබේ. උපාධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා එක්ලක්ෂ පනස්දහසක් දීම මැතිවරණයෙන් පසුව සිදු කෙරේ. මේ සියලු අවස්ථා රටේ ආර්ථික සංවර්ධනයට ඉවහල්වනු ඇතැයි ජනාධිපතිවරයා ජනතාව සමග කීය. කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින පානීය ජල ප්‍රශ්නයට විසඳුම් දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්