තම රටේ ඔනෑම දූෂිත ක්රියාවකට යොමුවන නිලධාරියකුට මාරාන්තික නොවන උණ්ඩයකින් වෙඩිතැබීමට ජනතාවට හැකි බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටෙර්තේ පවසා තිබේ.
ඔහු ජනතාව අමතන අතරතුර මේ පිළිබද ප්රකාශයට පත්කර සිටියේ ‘ඔබට අවියක් තිබේ නම් ඔබට වෙඩි තැබිය හැකියි, නමුත් ඔහු මරාදැමිය නොහැකියි’ යනුවෙනි.
ඒසේවුවද පිලිපීන ජනාධිපතිවරයාම තවත් අවස්ථාවක පවසා තිබුණේ දූෂිත නිලධාරීන් බන්ධනාගාරගත නොකරන බවත් ඔවුන් තුවාල ලබමින් චූදිතයන් වනු ඇති බවටය. ‘එවැනි නිලධාරීන්ට බරපතළ තුවාල පමණක් සිදුවේවි. ඔවුන් ප්රතිඥාවක් දීමෙන් පසු මුදාහරිනවා.’ යැයි පිලිපීන ජනපති පැවැසීය.
අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ඔනෑම ක්රියාවක් ප්රතික්ෂේප කරන පිලිපීන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ‘කවුරුහරි නිලධාරියෙක් අල්ලස් ඉල්ලුවොත් කම්මුල් පාරක් දෙන්න’ යනුවෙනි.
තම ආණ්ඩුවේ ඇති බරපතළම අර්බුදය නම් දූෂණය බව පිලිපීන ජනාධිපතිවරයා ඉදුරාම පිළිගන්නා කරුණකි.