නවතම පුවත්

දෙවැනි රැල්ලේ වෛරසය ගැන ජ’පුර විශේෂඥයෝ සොයාගත් දේ

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල මේ වනවිට පැතිරයමින් ඇති කොරෝනා වෛරස කාණ්ඩය , මීට පෙර මෙරට තුල ව්‍යාප්ත වූ වෛරස කාණ්ඩයට වඩා වෙනස් බව , ඒ සම්භන්ධව පර්යේෂණයක් සිදුකල ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායම සොයාගෙන ඇත.

ඒ අනුව මෙම වෛරස කාණ්ඩය මීට පෙර රට තුල ව්‍යාප්ත වූ වෛරස කාණ්ඩයට වඩා වැඩි ව්‍යාප්තියක් සහිත ප්‍රබල කාණ්ඩයක් බවට අනාවරණය වී ඇති බවද පර්යේෂණය සිදුකල විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කර ඇත .

වැඩි වෛරස ධාරිතාවයක් පෙන්වන මෙම නව කාණ්ඩය , ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ස්වභාවයක්ද පෙන්නුම් කරන බව විශේෂඥයින් සඳහන් කර ඇත

මෙම කොරෝනා වෛරසය B.1.42 කාණ්ඩයට අයත් බව මේ වනවිට සොයා ගෙන ඇති අතර , මිනුවන්ගොඩ පොකුර , මෙන්ම පෑලියගොඩ හා කොළඹ මහනගර සීමාව හරහා ව්‍යාප්තවී ඇත්තේද මෙම නව වෛරස කාණ්ඩය බවද පර්යේෂකයින් සඳහන් කර ඇත .

මීට පෙර ශ්‍රී ලංකාවෙන් හමුවී ඇත්තේ B.1, B.2, B 1.1 සහ B.4 යන කොරෝනා වෛරස කාණ්ඩයන් වේ .

මෙම පර්යේෂණය මෙහෙයවා ඇත්තේ මහාචාර්ය නීලිකා මලවිගේ , විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම , විශේෂඥ වෛද්‍ය මාලිකා කරුණාරත්න ප්‍රධාන විශේෂඥයින් කණ්ඩායමකි .

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විශේෂඥ කණ්ඩායම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්