නවතම පුවත්

දෙස් විදෙස් මතභේදයට තුඩුදුන් ඔන්ලයින් ආරක්ෂණ කෙටුම්පත සම්මතයි

අසංක

අසංක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ (Online Safety Bill) කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි.

පනත් කෙටුම්පත තෙවන වර කියවීම සම්මත වූයේ ඡන්ද විමසීමකින් තොරව ය.

ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු මෙම කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 46 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පනත්‍ කෙටුම්පතේ 36 වැනි වගන්තිය සදහා ඉදිරිපත් කළ සංශෝධනයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී සංශෝධනයට පක්ෂව ඡන්ද 51ක් ද විපක්ෂව ඡන්ද 92 ක් ද හිමිවිය. මේ අනුව අදාළ සංශෝධනය වැඩි ඡන්ද 41 කින් පරාජය විය.

මෙම පනත් කෙටුම්පතට දෙශීයව මෙන්ම විදේශීයව ද සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ජාත්‍යන්තර සංවිධානවල විරෝධය පළවී තිබුණේ එය භාෂණයේ නිදහස සීමා කරන බවට පවසමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්