නවතම පුවත්

ආහාර උද්ධමනය ඉහළට -සෙසු භාණ්ඩ පහළට

අසංක

අසංක

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය (Headline Inflation) 4.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්‌තමේන්තුව පවසයි. එය නොවැම්බර් මාසයේ වාර්තා කර තිබුණේ උද්ධමනය 2.8%ක් ලෙස ය.

නොවැම්බර් මාස‍යේදී පැවැති ආහාර උද්ධමනය -2.2% සිට 2023 දෙසැම්බර් මාසයේදී 1.6% දක්වා වැඩිවී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේදී 7.1% සිට 2023 දෙසැම්බර් මාසයේදී 6.3% දක්වා අඩු වී තිබේ.

ආහාර කාණ්ඩය සැළකූවිට මිලෙහි වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්‌තා වී ඇත්තේ එළවළු, ලොකුළූණු, අමුමිරිස්, අළුත් මාළු, බිත්තර, සහල්, කුකුළුමස්, සීනි, පොල්, රතුළූණු, අර්තාපල්, පොල්තෙල් සහ මිරිස් කුඩු යන ආහාර ද්‍රව්‍යවල වේ.

එහෙත් දෙහි, කරවල, ටින්මාළු, සුදුළූණු, මයිසූර් පරිප්පු සහ තිරිඟුපිටි යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමක් වාර්‌තා වී ඇත.

පසුගිය මාසය හා සංසන්දනය කළ විට, 2023 දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ අගය අඩුවීම සඳහා ‘ප්‍රවාහන’ (පෙට්‍රල්, ඩීසල්), ‘රෙදිපිළි හා පාවහන්’ (රෙදිපිළි), ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය), ‘මධ්‍යසාර පාන ර්වග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ (බුලත්) සහ ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

එහෙත් ‘ආපනශාලා සහ හෝටල්’ යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි වැඩිවීමක් වාර්‌තා වී ඇත.

තවදුරටත් සළකා බැලීමේදී ‘විවිධ භාණ්ඩ හා සේවා’ කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි ඉතා සුළු අඩුවීමක් වාර්තා වී ඇත.

මේ අතර ‘සෞඛ්‍ය’, ‘සන්නිවේදන’, ‘විනෝදාත්මක හා සංස්කෘතික’ සහ ‘අධ්‍යාපන’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල දෙසැම්බර් මාසය පුරා නොවෙනස්ව පැවති බවත් වාර්තා වී ඇත.

ජාතික පාරිභෝගික මිල ර්දශකයේ (පාද ර්වෂය: 2021=100) ලක්‍ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්ඡාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation), 2023 නොවැම්බර් මාසයේ 0.8% සිට 2023 දෙසැම්බර් මාසයේදී 0.9% දක්වා වැඩිවීමක් වාර්‌තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්