නවතම පුවත්

දෙසැම්බරය තෙක් ඉන්ධන ඇනවුම් කර අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා මාධ්‍ය වෙත  පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි.

ජනතාව කලබලයට පත් කරන ප්‍රකාශයක් හේතුවෙන් ඉකුත් දින කිහිපයේදී දෛනික ඉන්ධන ඉල්ලුම ඉක්මවා ඉන්ධන ලබාගැනීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3,200ක් පමණ බෙදා හරිනු ලබනවා. එහෙත් ඊයේ දිනයේ අතිරේකව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 600ක්ද බෙදා හැරි බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය

දෛනිකව ඩීසල් මෙට්ට්‍රික් ටොන් 5,200ක්ද බෙදා හරින අතර ඊයේ දිනයේ තවත් අතිරේක ඩීසල් තොගයක්ද බෙදා හැරි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන බෙදාහැරීම රාත්‍රී 10 ඉක්මවන තුරුත් ක්‍රියාත්මක කර ඇති අතර බෙදා හැරීමේ බවුසර් ප්‍රමාණය ද වැඩි කිරීමට පියවර ගෙන තිබෙ.

එමෙන්ම ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත   වැඩිදුරටත් සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්