නවතම පුවත්

ළමා නිවාසවල දරුවන්ගෙන් 8%ක් බාලවයස්කාර මව්වරුන්ගේ

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ සිටින ළමා නිවාසගත ළමුන් අතරින් 8.4%ක් බාල වයස්කාර මව්වරුන්ට උපන් දරුවන් බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී ඇත.

2019 වසර අවාසනය වනවිට මෙරට තුළ සිටි ළමා නිවාසගත දරුවන් ගණන 10,632 ක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 12.2% ක් අවිවාහක මව්වරුන්ට උපන් දරුවන් වේ.

ශ්‍රී ලංකාවේ ළමා නිවාස 379ක් ඇති අතර ඉන් 331ක් (87.3%ක්) ස්වෙච්ඡා ළමා නිවාසයන් ය. ළමා නිවාසගත ළමුන් සංඛ්‍යාව 10,632ක් වන අතර ඔවුන්ගෙන් බහුතරය, එනම් 62.2%ක ප්‍රතිශතයක් ගැහැණු ළමුන් වේ.

ශ්‍රී ලංකාවේ ළමා නිවාසගත ළමුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ පිළිවෙලින්, අවුරුදු 10-14 හා අවුරුදු 15 හා ඊට වැඩි යන වයස් කාණ්ඩ ය.

ළමා නිවාස තුළ සිටින විපතට පත් දරුවන් 2,284ක සංඛ්‍යාවක් සංගණනයේදී වාර්තා වූ අතර ඔවුන්ගෙන් 1,157 දෙනෙක් අවම වශයෙන් එක් වරක් හෝ කායික/මානසික/ලිංගික හිංසනයට ලක් වූවන් වේ.

තම පියා හෝ මව දැකගන්නට බලා සිටින දරුවන් බොහෝ ය. ශ්‍රී ලංකාවේ ළමා නිවාසගත මුළු ළමුන් සංඛ්‍යාවෙන් 6,738කට එනම් 63.4%කට සංගණනය පවත්වන කාලයේදී පියෙකු සිටින බවට වාර්තා විය.

ඔවුන්ගෙන් 45%ක් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ අතර රැකියාවක් කිරීමට නොහැකි වන්නට තරම් සෞඛ්‍ය ගැටළුවක් ඇති බවට වාර්තා නොවීය. කෙසේ නමුත් පියවරුන්ගෙන් අඩකට වඩා පිරිසක් තම දරුවා බැලීමට කිසි දිනක ළමා නිවාස වලට පැමිණ නැත.

මේ අතර මුළු ළමුන් සංඛ්‍යාවෙන් 8,824කට (83%කට) සංගණනය පවත්වන කාලයේදී මවක සිටින බවට වාර්තා විය. ඔවුන්ගෙන් බහුතරයකට (5,097කට) කිසිදු අසනීප තත්ත්වයක් හෝ කායික ආබාධයක් නොමැති නමුත් තම දරුවා බැලීමට ළමා නිවාසවලට පැමිණ ඇත්තේ සෑම මව්වරුන් 3 දෙනෙකුගෙන් 2 දෙනෙකු පමණි.

 

ශ්‍රී ලංකාවේ ළමා සුරැකුම් ආයතනවලින් මෝටර් වාහනයක් ඇත්තේ ආයතන 50% කට පමණි. හදිසි අවස්ථා බහුලව පවතින මෙවැනි කුඩා දරුවන් සිටින ආයතන සම්බන්ධයෙන් මෙය අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත්, විශේෂයෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ළමුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ඉතිරි ආයතනවලට රාජ්‍ය සහ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු විය යුතුය.

-ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණය ඇසුරිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්