දේවාලේ කපුනෝනාගෙන් අල්ලස් ගද්දී ASP මාට්ටු

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම් නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දේවාලයකින් සොරාගන්නා ලද වාලම්පුරි 2ක් ඉක්මණින් සොයාදෙන බව සඳහන් කරමින් ඒ වෙනුවට රුපියල් 190000ක අල්ලසක් දේවගැතිවරියකගෙන් ලබාගන්නා අවස්ථාවේ දී ය.

මෙම වාලම්පුරි සොරකම සිදුව ඇත්තේ මීට ටික කලකට ඉහතදීය.

මෑතකදී උසස්වීම් ලද මෙම සහකාර පොලිස් අධිකාරිවරයා දේවගැතිවරියට පවසා ඇත්තේ වාලම්පුරි ළඟතබා ගැනීම වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

ඒ වෙනුවට ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට වාලම්පුරි ද සොයාදීමට නම් රු 190000ක් අවශ්‍ය බවට ඔහු ඉල්ලා ඇත.

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසුවේ එම මුදල ඇය විසින් හලාවත පිහිටි ඇයගේ දේවාලයේදී සහකාර පොලිස් අධිකාරි අතට ලබාදෙන විටදීම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි.