නවතම පුවත්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම FCID හැදූ හැටි සොයයි

Roshan

Roshan


දම්පත් රණසිංහ

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කල ජනපති කොමිසමේ දි හෙළිවුනු කරුණු දීර්ඝ ලෙස විමර්ශනය කිරීමට පත්කළ පූර්ණ බලැති ජනාධිපති කොමිසම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීම සහ දූෂණ මර්දන කමිටුව සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයන් ආරම්භකර තිබේ.

කොමිසමේ විමර්ශන අංශය විසින් මේ වන විට 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන්කරගෙන ඇති අතර ජනාධිපතිවරයා විසින් කොමිසමේ බලතල වැඩිකරමින් පෙරේදා (6) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විමර්ශන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය ඇතැම් ලේඛන විවිධ ආයතනවලින් ලබා ගැනීමේ පහසුව සදහා ය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවූයේ නීත්‍යානූකූලවද යන්න පිළිබද විශේෂ අවධානයක් විමර්ශනවලදී යොමුකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. එසේම යහපාලන ආණ්ඩුව පැවති සමයේදී අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුවේ නීත්‍යානූකූල භාවය ගැනද පූර්ණ විමර්ශනයක් මෙහිදී සිදුවනු ඇත.

එම දූෂණ මර්දන කමිටුවේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීකයින් 22 දෙනෙක් සිට ඇති බව සදහන්ය. ඒ අය පත්කිරීම් සහ ඔවුන්ට පැවරී තිබුණු වගකීම් මෙන්ම වැටුප් හෝ දීමනා ගෙවිම් ගැනත් විමර්ශනයට ලක්වෙමින් තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි