දේශීය කතානාද සිනමාවේ 73 වන සැමරුම සහ ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාවට 48 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සමරු උත්සවය ඊයේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොළඹ චිත්රපට සංස්ථා සිනමා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජාතික චිත්රපට සංස්ථාවේ නිර්මාතෘ වරිය වන දිවංගත හිටපු අග්රාමාත්ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම මෙහි දී සිදු කෙරි‚.
මෙම අවස්ථාවට චිත්රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ක්රීයාකාරී අධ්යක්ෂ රොහාන් වැලිවිට මහතා සහ දේශීය සිනමාවේ ප්රවීණ නළු නිළියන් රැසක් ද චිත්රපට අධ්යක්ෂකවරුන් ,නිෂ්පාදකවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.