රට තුළ දෛනිකව හමුවන කොවිඩ් රෝගීන් යළිත් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඊයේ (23) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 1815ක් තහවුරු වී ඇත.
ඉන් වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 438කි. ඊළඟට වැඩිම කොළඹ 364ක් සහ කළුතර 119ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද 138ක් වාර්තා වී ඇත.
සෙසු දිස්ත්‍රික්වලින් හමුවී ඇත්තේ එක් දිස්ත්‍රික්කයකින් ආසාදිතයන් සංඛ්‍යාව 100ට අඩු සංඛ්‍යාවලිනි.
මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 280,743ක් දක්වා ඉහළ ගොස් ඇත.