නවතම පුවත්

රිෂාඩ්ගේ නිවසේ කලින් සේවය කළ තරුණියනුත් විමර්ශනයට කැඳවයි

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙතෙක් කලක් සෙවය කරන ලද මෙහෙකාරියන් 11 දෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට කටයුතු කර තිබේ.

ඒ එක් මෙහෙකාරියකට රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් අවස්ථා දෙකකදී ලිංගික අතවර කර දූෂණය කර ඇතැයිද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව එම සොහොයුරාවද ඊයේ පොලීසිය අත්අඩංගුවට ගත්තේය. මේ වන විට ඔහුද පැය 72 ක කාලයක් රදවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

තවත් මෙහෙකාරියන් දෙදෙනෙකුට එම සැකකරු විසින් ලිංගික අතවර කිරීමට සූදානම් වී ඇති බවටද තොරතුරු විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

එම මෙහෙකාරියන් හදුනාගෙන පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර තවත් මෙහෙකාරියන් කිහිප දෙනෙක් හදුනාගෙන ඒ අයගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.

16 හැවිරිදි දැරියක රිෂාඩ්ගේ නිවසේ දී පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට අඅදාළව මන්ත්‍රීවරයාගේ බිරිද, මාමා හා තැරැව්කරු තැනැත්තතන් වෙළෙඳාම සහ කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත.

මොවුන් ලබන සඳුදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

රිෂාද්ගේ බිරිඳ, මාමා සහ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබුණේ කෘරත්වය සහ තැනැත්තන් වෙළදාම සම්බන්ධයෙනි.

බිරිඳගේ සොයුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම නි‍වසේ මීට පෙර සිටි මෙහෙකාරියක දූෂණය කිරීමේ චෝදනාවට ය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන පරිදි පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබෙන බැවින් ඒ අනුව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත ය.

බොරැල්ල පොලිසිය, ළමා හා කාන්තා කාර්යංශය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්