නවතම පුවත්

දෛනික PCR පරීක්ෂණ  15000 දක්වා ඉහළට තවත් තීන්දු රැසක් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
දෛනික පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 15000 දක්වා ඉහල නැංවීමට කොවිඩ් මර්දනය සඳහා වන විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර ඇත.
එසේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොවිඩ් පාලනය් සඳහා ඉදිරියේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමටද එම කමිටුව තීරණය කර ඇත.
දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීමටද කමිටුව තීරණය කර ඇත
කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම ද තීරණය කර ඇත.
නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම සහ විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම සඳහා ද , ඊයේ (21) පැවති සාකච්ජාවකදී මෙම කමිටුව   තීරණය කර ඇත.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි