ද.කොරියාවේ ඊයෙ එක කොරෝනා රෝගියෙක්වත් නෑ

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු මුල්වරට ඊයේ දින දකුණු කොරියාවෙන් එකදු කොරෝනා ආසධිතයකු දේශීය වශයෙන් හමුවී නොමැති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

එරට තුල මෙම වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවූයේ පසුගිය පෙබරවාරි මස මැද භාගයේ වන අතර එතැන් පටන්ම මේ දක්වා කිසිදු දේශීය අසාධිතයකු හමු නොවූ දිනයක් මෙසේ වාර්තාවූයේ ප්‍රථම වරටය.

ඒ අනුව එරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භවී දින 70ක් වැනි කාලයක් තුල මෙම වසංගත තත්වය පාලනය කරගැනීමට තම සෞඛ්‍ය අංශවලට හැකිවී ඇති බවද දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විදේශයන්ගේ සිට එරටට පැමිණි ආසාධිත රෝගීන් හතරදෙනෙකු ඊයේ දිනද හමුවූ බව එම අංශ පවසයි .

මේ වනවිට කොරෝනා ආසාධිතයින් 10765 දෙනෙකු එරටින් වාර්තාවී ඇති අතර මියගිය ගණන 247 කි .