නවතම පුවත්

ධනංජය ලසිත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී

Roshan

Roshan

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (02) ගාල්ලේදී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය.

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ගොඩ ගැනීමට ඊයේ සමත්විය.

ඒ අනුව ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279ක් ඉදිරියෙන් සිටී.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින සිල්වා නොදැවී ලකුණු 153 යි. ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25යි. ඔවුන් දෙදෙනා මේ වනවිට 9වැනි කඩුල්ල සඳහා ලකුණු 107 එකතුකර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 66ක් රැස් කළේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 252කට දැවී ගියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්