නවතම පුවත්

බූස්ටර් ගත්තොත් ඔමික්‍රෝන් ගැන බියක් ඕන නෑ

අසංක

අසංක

ඔමික්‍රෝන් ප්‍රභේදය යම් හෙයකින් රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

වෛරසය පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04ට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්විය හැකි ය.

කොවිඩි වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුවද එය ආසාධනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නාය.

ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නාය.

ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද සඳහන් කළාය.

ලෝකයේ රටවල් 24කින් මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය හමු වී ඇති බවත් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බවත් සඳහන් කෙරිණ.

“ඔමික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම්” ද මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් යන මහත්වරු එහිදී කරුණු පැහැදිලි කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති බවත් නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යාවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ මහතා පැවසීය.

මෙතෙක් එන්නත් ලබා නොගත් පිරිස් වහාම එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව පැවසූ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව අවධාරණය කළේ‍ය.

රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින්, ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම ද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට රජය මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්