නවතම පුවත්

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කකරයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇත.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ Dating App එකක් මගින් හඳුනාගත් කාන්තාවක් විසින් ඔහුට එරෙහිව නගා තිබූ ලිංගික අතවර චෝදනාවක් මතය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවීය.

චෝදනා ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයෙන් ධනුෂ්ක නිදොස් කොට නිදහස් කර ඇති අතර මේ වනවිට ධනුෂ්ක ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඒ නඩු විබාගය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමෙන් අනතුරුවයි.

ධනුෂ්කට එරෙහිව සියලු චෝදනාවලින් නිදොස් වීම හේතුවෙන් ඔහුට යළි ක්‍රීඩා කිරීමට දැන් අවස්ථාව ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්