නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් ඉල්ලයි

අසංක

අසංක

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමක් කරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වසර 7 කින් වැඩිවී නොමැති බව පවසන එම සංගමය පෙන්වා දෙන්නේ එවකට ජීවන වියදමට සරිලන වැටුපක් ලැබුණ ද අද වනවිට එම වියදම 100 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

පවතින අර්බුද හමුවේ අලුතින් චක්‍රලේඛ පනවා, අතිකාල දීමනා කපාහැර ඇති නමුත් ජීවන වියදම දින දින ඉහළ යාමෙන් රාජ්‍ය සේවකයා, විශ්‍රාමිකයා පත්ව ඇත්තේ අසීරු තත්ත්වයකට බව එම සංගමය අවධාරණය කර සිටී.

රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන සභාපති එන් එම් විජේරත්න මහතා කොළඹ පැවති වාර්ෂික ශාඛා රැස්වීමකදී මෙලෙස වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

“අද රාජ්‍ය සේවකයන් ණයබරින් මිරිකිලා. තමන්ගේ තැම්පත් මුදල් පවා රැගෙන ජීවත්වෙන කාලයක්. බහුතරයක් දෙනෙක් තමන්ගේ රන් භාණ්ඩ උකස් කරලා. ඒ තත්වය තුළ රාජ්‍ය සේවකයාට පවුලක් නඩත්තු කළ නොහැකි තැනට ඇදවැටිලා. ඉන්ධන, ගෑස්, විදුලිබිල් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල ගිහින්. මේ තත්වය රාජ්‍ය සේවකයන්ට උපරිමයෙන් බලපාලා. මහමගට පඩියෙන් බාගයක් වැයකරන්න වෙලා. අලුතින් චක්‍රලේඛ පනවලා අතිකාල දීමනා පවා කපාහැරලා. නැවත ජීවිතය අලුතින් පටන්ගන්න වෙලා තියෙන කාලයක්. ඒ නිසා අනිවාර්යයෙන් මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවිය යුතුයි. ඒ සදහා අප අදාල බලධාරීන්ගෙන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිනවා. එලෙසම විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප පාරිතෝෂික මුදල් නියමිත කාලයට ලබා නොදී වසරක් යනතුරු ප්‍රමාද වුණ විශාල ප්‍රමාණයක් නිලධාරීන් ඉන්නවා. ඔවුන් අසරණ වෙලා. ඔවුන්ට ඒ වසර තුළ ලබන්න තිබූ බැංකු පොලිය පවා අහිමිවෙලා. මේ තත්වය සොයාබලා විසදුම් ලබා දියයුතුයි. මේ ඔක්කොම බලද්දී රාජ්‍ය සේවකයන් අද කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වීය.

“වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස පොදුවේ ඉල්ලීම් රැසක් රජයට කරලා තියෙනවා. අප සංගමය ආණ්ඩුකාරවරුන්ටත් අදාල බලධාරීන් වෙත ඒ ඉල්ලීම් සිදුකරලා තියෙනවා. වසර 7 කට පෙර එක් අයෙකු දැරූ වියදම අද සිය ගුණයකටත් වැඩියෙන් වැඩිවෙලා. මාසේ පඩියෙන් සතපහක ඉතුරුවක් නැති රාජ්‍ය සේවකයන් ඉන්නේ. අද දේපළ ණය නවත්තලා, ආපදා ණය සීමා කරලා. ණය වෙන්නත් බාධාවල් ඇතිකරලා වගේම අතීතයේ ගත්තු ණයේ පොලියවත් රාජ්‍ය සේවකයන්ට ගෙවාගන්න බැරි විදියට වැඩි කරලා. ඉස්සර ජීවන වියදමට සරිලන වැටුපක් තිබුණට අද රාජ්‍ය සේවකයන්ට ජීවන වියදමට සරිලන වැටුපක් නෑ. ඒ නිසා මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකල යුතුයි” යනුවෙන් අමිල බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි