ධීවරයන්ට අනතුරු ඇගවීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙට (07) දිනය දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී මේ වන විට දිවයින වටා පවතින් අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිවේදනය නිකුත් කර ඇත

ඒ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් මෙලෙස කුඩා හා එක්දින ධීවර යාත්‍රා අවධානමකට ලක්විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙ.