දම්පත් රණසිංහ
වැලිගම පොලිස් වසමේ මිදිගම පිහිටි සංචාරක නිකේතනයක් තුළ අන්තර්ජාලයෙන් දැන හඳුනාගෙන සම්බන්ධ වූ පිරිසක් විසින් සංවිධානය කළ සාදයක් වැටලීමට මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම වැටලීම කර ඇත්තේ 20 වෙනිදා වන අතර එම නිවාඩු නිකේතනය වැලිගම නගරාධිපතිවරයාට අයත් එකක් බව සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිිල ග්‍රෑම් 695 ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක්ද, අයිස් නැමැති මතත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 320 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, කේරල ගංජා ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 600 ක් සහ කෘෘස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 2500 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 700 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානයට භාරදී ඇති බවය.