නවතම පුවත්

නගර 100ක් සංවර්ධනය අද ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රටම ආවරණයවන සේ  තෝරාගත් නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ආරම්භ වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි, වසර ගණනාවක් තිස්සේ විධිමත් සංවර්ධන ව්‍යාපෘති දියත් කර නොතිබුණු  නගර 100ක් තෝරා සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළ මගින් සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම සිදුවෙයි.

එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසල එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්නා තාවකාලික වෙළෙඳ කුටි ඉවත්කර සුදුසු ස්ථානවල සුදුසු ලෙස ඒවා නැවත සකස් කිරීම, පැති බැමි සහ ආරක්ෂක වැටවල් ඉදි කිරීම වැනි ක්‍රියාකාරකම් ද මෙයට ම ඇතුළත් වේ.

එම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා, එක නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

මෙම තත්ත්වයන්ට අදාලව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව මෙසේ දක්වා තිබේ.

* කොළඹ දිස්ත්‍රික්කයේ නගර 7ක් –
කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය සහ මොරටුව.

* ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10යි –
පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ සහ අත්තනගල්ල.

* කළුතර දිස්ත්‍රික්කයේ නගර 4 යි –
හොරණ, නාගොඩ, දොඩංගොඩ සහ මීගහතැන්න

* හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර 6 යි –
වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර.

* මාතර දිස්ත්‍රික්කයේ නගර 6 යි –
දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම සහ කඹුරුපිටිය.

* ගාල්ල දිස්ත්‍රික්කයේ නගර  4 යි –
කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ සහ හබරාදූව

* රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 5 යි –
කුරුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල සහ බලන්ගොඩ.

* කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර 4 යි –
රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මොරොන්තොට.

* කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 9 යි –
කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල සහ බම්බුක්කටුව.

* පුත්තලම දිස්ත්‍රික්කයේ නගර 3 යි –
හලාවත, තෝප්පුව සහ පාලවිය.

* අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර 4 යි –
තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව සහ අනුරාධපුරය.

* පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 4 යි –
අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද සහ ජයන්තිපුර.

* කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර 2 යි –
කිලිනොච්චි සහ පූනරින්.

* යාපනය දිස්ත්‍රික්කයේ නගර 2 යි –
මුරුතනාමඩම් සහ වෙලනායි.

* මන්නාරම දිස්ත්‍රික්කයේ නගර 01යි –
මන්නාරම

* වව්නියාව දිස්ත්‍රික්කයෙන් නගර 01යි –
වව්නියාව

* මුලතිව් දිස්ත්‍රික්කයේ නගර 01යි –
වැලිඔය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්