නවතම පුවත්

කොවිඩ් එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ජගත් සාමාන්‍ය අගයත් පසුකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව මේ වනවිට ජගත් එන්නත්කරණ සාමාන්‍ය අගය පසුකර යෑමට සමත් වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ප්‍රථමයෙන්ම  එන්නත් තොග ලබා ගැනීමට සමත් වූ ලොව බලවත් රාජ්‍යයන් හැරුණුකොට, එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුරවැසියන් ප්‍රතිශතය සැළකීමේ දී ඇතැම් දියුණු රටවල් පවා පසුකර යෑමට මේ වනවිට ශ්‍රී ලංකාවට හැකි වී ඇතැයි එම කාර්යංශය පෙන්වා දෙයි. ඉතා වේගවත් එන්නත්කරණ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසින් මෙම ප්‍රතිඵලය අත්කරගැනීමට හැකිවී ඇත.

ඊයේ වනවිට ශ්‍රී ලංකාව තුළ 96.8% කොළඹ, 95.6% ගම්පහ, 93.7% මාතලේ, 90.5% මන්නාරම ආදී වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමට හැකිවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ දත්ත සනාථ කරයි.

මෙහි දී දැකිය හැකි සාධණීය තත්ත්වය වන්නේ කෙටි කාලයක් ඇතුලත විශාල පිරිසක් එන්නත්කරණය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට ඇති හැකියාව පමණක් නොව ලාංකික ප්‍රජාව එන්නත්කරණය උදෙසා දැක්වු අති මහත් උද්‍යෝගයය අවධානයට ලක්විය යුතු වැදගත්ම කාරණයක් බව ඔවුහු පෙන්වා දෙති.

කොවිඩ්-19 එන්නත් මගින්,  රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මෙන්ම දැඩිසත්කාර අවශ්‍ය වන රෝගීන් ගණන ඉතා විශාල ලෙස පහළ හෙළන බව මේ වන විට ලෝකය පුරා රටවල ඉතා පැහැදිළිව  දක්නට ලැබුණු කරුණක් බව ඔවුහු කියා සිටිති.

පළමුව එන්නත්කරණය ආරම්භ කළ දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 30 ට වැඩි පිරිසෙන් 90%කට වඩා එක එන්නතක් හෝ මේ වන විට ලබාගෙන තිබීම එයට කදිම සාක්ෂියක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ජාල තුළ භයානක ලෙස සංසරණය වූ දුර්මත හා මිත්‍යාවන් හමුවේ වුව ද, රටෙහි අති මහත් බහුතරයක් ජනතාව තම සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නිවැරදි විද්‍යාත්මක තීරණයක් ගැනීම මේ අවස්ථාවේ සතුටින් සිහිපත් කළ යුතු කරුණක් බව ඔවුහු අවධාරණය කරති.

එන්නත්කරණය වේගයෙන් සිදු වෙමින් පවතින මේ අවස්ථාවේ දී, ලොව අනෙක් රටවල් වල අත්දැකීම් තුළින් අප උගත යුතු වැදගත් ම පාඩම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් සඳහා යොදා ගැනීමට එන්නත් වලට අනුමැතිය ලැබුනු පළමු අවස්ථාවේ පටන්ම එන්නත් තොග ලබා ගැනීමට හැකි වු ඇතැම් රටවල මෑතක් වනවිට ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනු  දක්නට ඇත.

එසේ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ආවරණය කළ රටවල පවා මෑතකදී විටින් විට වේගයෙන් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීම් නිරීක්ෂණය විය. ඒ රටවල පුරවැසියන් එන්නත් ලබාගැනීමෙන් පසු සුපුරුදු ආරක්ෂක ක්‍රමෝපායන් අමතක කරමින් හැසිරීම මෙසේ විටින් විට ඇති වූ වසංගත තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වු බව කියවේ.

කොවිඩ් -19 සඳහා සිදුකෙරෙන එන්නකරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ වෛරසය ආසාදනයෙන් ඇතිවන බරපතළ රෝග තත්ත්ව මැඩපැවැත්වීමයි. එනම් කොවිඩ් – 19 නිසා දරුණු ලෙස රෝගී වීම සහ සංකූලතා ඇතිවීම වැළැක්වීමයි.

නමුත්, අප දැනටමත් දන්නා පරිදි එන්නත් ලබාගත් පමණින් රෝගය ආසාදනය විමෙන් 100% ක ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. රෝගය තව අයකුට පැතිරීමේ අවස්ථාව සියයට සියයකින් අඩු වෙන්නේ ද නැත.

මේ කරුණු නිසා එන්නකරණයට ලක් වූ කෙනෙක් වගකීම් විරහිත ලෙස හැසිරෙන්නේ නම් ඔහු, තමන් රෝගී වීමේ අවදානම වැඩි කරගන්නාසේම එන්නත් කරණය සිදු නොකළ අන් සියලු දෙනාගේ ද ජීවිත අවදානමේ හෙළන බව ඔවුහු අවධාරණය කරති.

එන්නතෙන් පසුවත් දිගින් දිගටම සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතු බව නැවතත් ඔබට සිහිපත් කරන්නේ මේ තත්වයන් වළක්වාගැනීමට යි.

ජනගහනයෙන් මෙතරම් විශාල පිරිසක් ඉතා කෙටි කාලයකදී එන්නත්කරණය කිරීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි.

එන්තෙන් පසුවද වගකීම් සහගතව හැසිරීම වගේම, ඒ වගකීම පැහැර හරින කෙනෙක් වේ නම් ඒ පුරවැසි වගකීම සිහිපත්කර දීම දීම, මේ මොහොතේ රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතුම යුතුකමක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්