නවතම පුවත්

නත්තල් සමයේ රට වහන්නේ නෑ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එළැඹෙන නත්තල් උත්සව සමයේදී රට වසා දැමීමක් සිදුනොකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. මෙරට තුළ ජනගහනයෙන් වැඩි කොටසක් පූර්ණ එන්නත්කරණයට ලක්කළ හැකි වීම නිසා සාධනීය තත්තත්වයක් ඇතත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළහොත් අයහපත් වාතාවරණයකට රට මුහුණදීමෙන් යළි දැඩි අර්බුදයකට යා හැකි බව හෙතෙම කීය.

නව කොවිඩ් ප්‍රභේදය ලොවට අවදානමක් විය හැකිබවට පෙනී යන බැවින් ජනතාව නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය බව ද හෙතෙම අවධාරණය කරයි.

ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“නැවත රට වසාදැමීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ. ඉතාම අපහසුවෙන් ඉතාම ජයග්‍රාහි ලෙස එන්නත්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අප නැවත රට විවෘත කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මේ රටේ සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කරලා කියන එක. මේ රටේ සෑම පුද්ගලයෙකුම ආරක්ෂා වනතෙක් කිසිවකුත් ආරක්ෂාකාරී නැහැ.

රටේ අති විශාල පිරිසක් පූර්ණ ඉන්නත් කරනයට ලක් වෙලා තිබෙනවා. පාසල් දරුවන් පවා එන්නත්කරණයට ලක් කර තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ අපි ආරක්ෂිතයි කියන කාරණය. අපි ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා උත්සව සමයේ දී වගකීමක් සහිතව තමන්ගේ ආරක්ෂාව තමුන්ගේ දරු පවුල්වල ආරක්ෂාව සලසා ගෙන සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කරන්න කියලා.

නමුත් මෑතකදී අපට වාර්තා වී ඇති omicron කියන ප්‍රභේදය වර්ධනය වෙමින් පවතිනවා. අද වන විට රටවල් කිහිපයක් සිය දේශසීමා වසා දමා තිබෙනවා. භයානක අනතුරක් ලෝකය හමුවේ තිබෙන බව ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඉතින් අපි සෑම කෙනෙක්ම එන්නත් ලබා නොගත් අය ඉන්නවනම් කරුනාකරලා ඔවුන් හැකි ඉක්මනින් එන්නත ලබාගන්න. ඒ වගේම ආරක්ෂාකාරීව කටයුතු කරන්න. එහෙම නොවුණොත් රට නැවතත් ගැටලුසහගත තැනකට යන්න ඉඩ තියෙනවා.

මෙරට ආර්ථික ආරක්ෂාවත් සමාජ ආරක්ෂාවක් රැඳී තිබෙන්නේ ජනතාවගේ කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මතයි. සෞඛ්‍ය බලධාරීන්ගේ පවා ඉල්ලීම නොතකා පසුගියදා උද්ඝෝෂණ පෙළපාළි රැසක් පැවැත්වුණා. ඉතාමත් කනගාටුවට කාරණයක්. සෞඛ්‍ය අංශවල ඉල්ලීම්වලට අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. රට වසා දැමීමක් පිළිබඳ අපි නිල වශයෙන් සාකච්ඡා කරලා නෑ” යැයි ද කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්