නවතම පුවත්

රට තුල ක්‍රියාත්මක, නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .

මෙම මාර්ගෝපදේශ මාලාව අද දිනයේ සිට එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වේ

දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ නැත . එමෙන්ම මෙම කාල සීමාව තුලදී එක් නිවසකින් පිටවීමට අවසර හිමිව ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි.

රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට උන්නදුකළ යුතු අතර අවශ්‍යතාවය මත ඇතුළු කර ගත හැකි පුද්ගලයින් ගණනින් සීයයට 25ක් පිරෙන ආකාරයට උපරිම පුද්ගලයින් ගණන 50 කට යටත්ව සිදුකල හැක.

උත්සව,සඳහා , ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවෙයි.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට වීවෘත කළ හැකි අතර සතිපොළ හා ජංගම වෙළදුන්ට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය අධීක්‍ෂණයට යටත්වයි. ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි අතර කෘෂිකර්මාන්තයටද අවසර ලබාදී තිබෙ

අවන්හල් සඳහා ආසන ධාරිතාවයෙන් සීයයට 30කට පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන්ට ඇතුලත් කර ගත හැකි අතර සිටිය හැකි උපරිම ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 50ක් වේ. එමෙන්ම අවන්හල් තුල මධ්‍යසාර භාවිතය තහනම් වේ.

එළිමහන් ආසන සැකසීමේදී ගනුදෙනුකරුවන් 60කට අවස්ථාව හිමිවන අතර එය ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට බලාත්මක වෙයි.

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළෙදසැල් සහ ගෘහ භාණ්ඩ අලෙවිසැල් තුල එහි ඇති ඉඩ ප්‍රමාණය අනුව සියයට 20 ක ප්‍රමාණයට ගනුදෙනුකරුවන්ට ඇතුල්වීමට අවසර හිමිවෙයි.

මුල්‍ය ආයතන, බැංකු සඳහා එක්වරකට ඇතුළත්වීමට අවසර ඇත්තේ ගනුදෙනුකරුවන් 05 දෙනෙකුට පමණි.

බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාරවලට වෙලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි. ඇවිදින මංතීරු, වෙරළ තීර විවෘත කළ හැකි නමුත් සිනමා ශාලා සඳහා සීයයට 25ක ආසන ධාරිතාවයෙන් පුද්ගලයින් ඇතුලත් කර ගැනීමට අවසර හිමිවේ.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවන අතර පෙර පාසැල් සඳහා ළමුන් ප්‍රමාණයෙන් සීයයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවේ.

ව්‍යායාම් ශාලා සඳහා එකවර උපරිම ඇතුලත්ව සිටිය හැකි සංඛ්‍යාව 10 දෙනෙකු පමණක් වන අතර එය ප්‍රමාණයෙන් සීයයට 30ක් වේ.

ශාලාවක් තුල පවත්වනු ලබන මංගල උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව 50ක් වන අතර, එළිමහන් උත්සවයක් සඳහා සහභාගිවිය හැකි සංඛ්‍යාව 75 දෙනෙකු වේ.

පාසැල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති පරිදි සිසුන් 200ට අඩු පාසැල් ප්‍රථමයෙන් විවෘත කළ හැකිවේ. එමෙන්ම විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු අතර හැකිතරම් මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වීම කෙරෙහි උනන්දු කරනු ලැබේ.

උපකාරක පන්ති සඳහා අවසර හිමිනොවන අතර විභාග කටයුතු ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව සිදුකළ හැක.

අවමංගල්‍ය කටයුතු සඳහා ඕනෑම වෙලාවක රැඳී සිටිය හැකි සංඛ්‍යාව 20 දෙනෙකු වේ.

කර්මාන්ත ශාලා ද දැනට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවේ.

ප්‍රදර්ශන හා සම්මේලන පැවැත්වීමට අවසර හිමි නොවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්