නවතම පුවත්

ඉන්දු-ලංකා මිතුදම් නංවන “මිත්‍ර ශක්ති”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දු ශ‍්‍රී ලංකා ‘‘මිත‍්‍ර ශක්ති’’ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය අද පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පැවැත්විණි.

මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගීවූ අතර ඉන්දීය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ.

එහිදී යුද හමුදාපතිවරයා අතින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක්ද පිලිගන්වනු ලැබීය.

ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ යුද හමුදා භට පිරිස් 240 කගේ සහභාගීත්වයෙන් මෙම මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසය පවත්වනු ලබයි. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා මෙම අභ්‍යාසයේ නායකත්වය දෙනු ලබන්නේ කර්නල් ප‍්‍රකාශ් කුමාර් විසිනි.

ශ‍්‍රී ලංකා පාබල පුහුණු රෙජිමේන්තුවේ මේජර් මහේෂ් පතිරාජ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සඳහා නායකත්වය සපයනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්