නවතම පුවත්

නවෝත්පාදන බිහි කරන සමාගම්වලට බදු සහන – අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ශිල්පසේනා” ප්‍රදර්ශනය අද (18) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුනා ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුජීව සේනසිහං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්

මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ දැනුමෙන් දියුණු ජාතියක් වශයෙන් අතීතයේ කටයුතු කළාක් මෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට නවීන දැනුම හා තාක්ෂණය මුසුකරමින් නැවතත් ශ්‍රී ලංකාව ලොව දැනුමෙන් දියුණු රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කරමින් පරිගණක අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද ප්‍රකාශ කළේය.

හතර වන කාර්මික විප්ලවයට සූදානම් රටක් ලෙස ඉදිරියෙන් සිටීමට නව තාක්ෂණය සමඟ ගමන් කරමින් ලෝක වෙළඳපොළ තුළ ප්‍රමුඛස්ථානයක් ලබාගත යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නවෝත්පාදන බිහි කිරීමට කටයුතු කරන සමාගම්වලට බදු සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

රටක් ඉදිරියට ගමන් කිරීමට නම් තොරතුරු තාක්ෂණ දියුණුව මගින් පමණක් සෑහීමකට පත් නොවී කෘතිම බුද්ධිය වැනි අනාගත තාක්ෂණයන් සමඟ කටයුතු කළ යුතුයි.

සංචාරක ව්‍යාපාරය විද්‍යා තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මූලික වශයෙන් අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. මේ සියලූ දේ සිදුකිරීමට පෙර ග්‍රාමීය යටිතල පහසුකම් ලබාදිය යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ගම්පෙරළිය, එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් හරහා පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසර හතරක කාලය තුළ දී ලොව නවෝත්පාදන බිහිකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් අසු අට වන ස්ථානයට පත්වීමට හැකිවී තිබෙන බව පැවසූ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සූජිව සේනසිංහ මහතා එය 70 වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන්නේය.

රට තුළ සිදු කරගෙන යන ශක්තිමත් වැඩපිළිවෙල හේතුවෙන් වෙළදාම් කිරීමේ හැකියාව අනුව ශ්‍රී ලංකාව එකසිය දහ වන ස්ථානයේ සිට අනු අට වන ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇති බව ද සේනසිංහ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, කොළඹනගරාධිපතිනි රෝසි සේනානායක, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්