නවතම පුවත්

නව කොරෝනා වෛරසයේ වැඩිම මරණ ඊයේ වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා යමින්, ඊයේ (10දා) දිනය අවසන් වනවිට 1,018ක් ලෙස වාර්තා විය.

එහිදී චීනය තුළ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,016ක් වන අතර, පිලිපීනයේ සහ හොංකොං රාජ්‍යයෙන් මරණ දෙකක් වාර්තා වෙයි.

මේ අතර, වෛරසය හේතුවෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4,000කට ළඟා වෙමින් 3,998ක් ලෙස වාර්තා වෙයි.

එමෙන්ම මේ දක්වා ලොව පුරා වෛරසය ආසාදනය වූ පිරිස 43,098ක් ලෙස වාර්තා වන අතර, චීනයේ පමණක් එම අගය 42,708කි.

මේ අතර මෙතෙක් නව කොරෝනා වෛරසය ආදානය වීමෙන් වැඩිම මරණ සිදුවූ දිනය ලෙස ඊයේ දිනය සැලකෙන අතර, මරණ සංඛ්‍යාව 108කි. එමෙන්ම ඊයේ දිනයේ වෛරසය ආසාදනය වූවන් 2,478ක් හඳුනාගෙන තිබේ. මේ අතර ඊයේ දිනයේදී වෛරසය වැළඳී රෝගාතුරව සිටි 716 දෙනෙකු සුවය ලබා ඇති බවද චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්ත වාර්තා පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්