නවතම පුවත්

නව කොරෝනා වෛරස් අවදානමෙන් මිදීමට ආරක්ෂිත උපදෙස් පිළිපදිමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇත. මේ නිසා චීනයේ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මාරාන්තික නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාව ද දැඩි අවධානයකින් පසු විය යුතු වේ.

මාරාන්තික නව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එසේම නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් නිව්මෝනියාව, හුස්ම ගැනීමේ අපසහුව සහ වකුගඩු අක්‍රියවීම වැනි දරුණු වර්ධනය වී ආසාධිත පුද්ගලයින් ජීවිතක්ෂයට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා විශ්ෂයෙන් ඉහත සදහන් කර ඇති රෝගී තත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු වේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගැනීම සදහා ආසාදිත පුද්ගලයින් ඇසුරු කිරීමෙන් අනතරුව, ආහාර සැකසීමේ දී, වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර, සුරතල් සතුන් හෝ සත්ව මළපහ ඇල්ලීමෙන් පසු හෝ දෑත් අපිරිසිදු යැයි ඔබට හැගී යන සෑම අවස්ථාවකම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම, කැස්ස ඇති විට සහ කිවිසුම් යාමේ දී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීමටත් ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිට ඇතුළ පැත්ත භාවිත කිරීම හෝ අතේ ඉහළ බාහු කොටස භාවිතා කිරීමත් එමෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කිරීමට කටයුතු කළ යුතුය. ඔබට කැස්ස ඇතිවිට හෝ කිවිසුමක් යාමේ දී එය වළක්වා ගැනීමට අත්ල භාවිතා නොකිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය උපදේස් වල සදහන් වේ.

නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සදහා උණ සහ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළදුනු පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් ඇසුරු කිරීමට සිදු වන්නේ නම් ඇස්, නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති උපදෙස් වල සදහන් වේ.

එමෙන්ම ආහාර සඳහා පිළියෙළ කර ගන්නා මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම, සත්ව ගොවිපොළවල හෝ ඒ ආශ්‍රිත රැකියා කටයුතු සිදු කිරීමේ දී මුඛ ආවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේස් ලබා දී ඇත. ඔබ සත්ව ගොවිපොළක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැකියාවක නිරත වන්නේ නම් ඉහත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීමට ක්‍රියා කළ යුතු වේ. එසේම රාජකාරි කටයුතු වලින් අනතුරුව සෑම අසවස්ථාවක දීම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම හෝ ශරීරය පිරිසිදු කර ගැනීම කටයුතු කිරීම කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සදහා ඉතා වැදගත් වේ.

නව කොරෝනා වෛරස් අවදානමෙන් මිදීම සදහා ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.


Janaka Handunpathiraja
Assistant Director
Media and Public Relation
Disaster Management Center
contact
0112 136 243
0773 957 897

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්