නව කොවිඩ් ප්‍රභේදයෙන්ද , දුම් බොන්නන්ට වැඩි අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසයේ මෙම නව ප්‍රභේදයද  ආසාධනයවීමේ   සහ එයින් මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටී .

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මාධ්‍ය වෙත මෙසේද පැවසීය .

 කොරෝනා වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ.  විශේෂයෙන් මෙම නව ප්‍රහේද වැඩි වශයෙන් හානි කරන්නේ ශ්වසන පද්ධතියටයි .

ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට  මෙම වෛරසය වැලඳෙන ප්‍රමාණය හා එයින්  මියයන අවදානමේ  ප්‍රමාණය වැඩී.“