නවතම පුවත්

නව ගුවන් හමුදාධිපති වැඩ අරඹයි

අසංක

අසංක

දහනව වන ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මූලස්ථානයේ අද(30) පැවැති සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.
ගුවන් හමුදාපති ධුරයේ වැඩ භාරගත් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ,ආර්.ඒ.ඩී සෝමතිලක රාජපක්ෂ මහතාට සහ වී.පී ප්‍රේමාවති මහත්මියට දාව උපන් දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනි දරුවා ය.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගමිපහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගමිපහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර ද්විතික අධ්‍යාපනය සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව ඇත.
1988 වසරේ දි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බදවාගැනීමේ කණ්ඩායමට ඇතුළත් වූ හෙතම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ත්‍රිවිධ හමුදා නිළධාරින් අතරින් ගුවන් නියමුවන් තෝරා ගැනීමේ යෝග්‍යතා පරික්ෂණයෙන් සමත්ව මුලික ගුවන් යානා පුහුණුව සදහා අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයට ඇතුළත්කරගෙන තිබේ.

අංක 33 පියාසර කෙඩෙට් නිලධාරි පාඨමාලාව යටතේ තම මුලික පුහුණුවිමි සිදු කිරිමෙන් අනතුරුව දක්ෂතම කෙඩෙට් නිලධාරියා ලෙස 1990 වසරේ ඔක්තෝබර් මස 05 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් නියමුවකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත.

දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස පුකාරා (PUCARA& ප්‍රහාරක ගුවන් යානා පදවමින් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත් CESSNA-150 (සෙස්නා -150) Y-12, (වයි-12) ඇවුරෝවි, ෂමාශෙටිටි – 260TP, බිචි ක්‍රාෆ්ටි – 200T, AN 32, (ඇන්ටනෝ -32) සහ C -130 (සි-130) ගුවන් යානා පදවමින් ප්‍රවාහන ගුවන් නියමුවකු ලෙසත් හෙතම කටයුතු කර ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු හට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරිම වන , මාස්ටර් ග්‍රීන්, ශ්‍රේණිගත කිරිමට උරුමකමි කියන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිවිල් ගුවන් යානා බලපත්‍රලාභියකු හා සිවිල් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු සතු වානිජ ගුවන් ප්‍රවාහන ගුවන් නියමු (ATPL) බලපත්‍ර ලාභියකු ද වන අතර ගුවන් පැය 7000 අධික සංඛ්‍යාවක් පියාසර කර ඇති අත්දැකිමි බහුල ගුවන් නියමුවෙකි.
1997 වසරේ දි මනුෂිය මෙහෙයුමට සමිබන්දව PUCARA ප්‍රහාරක ගුවන් යානයකින් සතුරු ඉලක්ක වෙත රාත්‍රී ගුවනින් ප්‍රහාර එල්ලකරමින් සිටි අවස්ථාවක දි තම ගුවන් යානය සතුරු ප්‍රහාරයකට නතුවීම හේතුවෙන් ඇති වු හදිසි තත්වයක් මත ගුවන් යානයෙන් ඉවත් වීම (Night Ejection) ඔහු විසින් සිදු කළ වික්‍රමාන්විත ක්‍රියා අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර සටන් මෙහෙයුමක යෙදී සිටියදී එවැනි හදිසි අවස්ථාවන් සඳහා තනිවම මුහුණ දීමට ඇති ධෛර්යය සහ ඔහුගේ නිර්භීතකම පැසසුමට ලක්කරමින් Martin Baker Aircraft Limited Co. විසින් ඔහුට ලෝක ප්‍රකට ” Eject Tie Club” හි සාමාජිකත්වයද පිරිනමන ලදි. තවද ගුවන් යානයක් තුළ ඇති වූ දරුණු හා හදිසි අවස්ථාවක් රාත්‍රී කාලයේදී භීතියකින් තොරව හසුරුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඔහුට ඇගයීම් ලිපියක්ද (Letter for Commendable action) පිරිනමා ඇත. තවද 1992 වර්ෂයේදී වයි – 12 ගුවන් යානයකින් මෙහෙයුම් සිදු කරන අතරතුර ඇති වූ කාර්මික දෝෂයක් මනාව හසුරුවමින් හා ඉතා අවම හානියකින් ගොඩ බැසීම හේතුවෙන්ද ගුවන් හමුදාව විසින් ලබාදුන් සහතිකයක් (Green Endorsement) ඔහුට හිමිය.
ගුවනින් ගොඩබිම සටන්වලට හා සටන් ආධාරක මෙහෙයුම් සදහා දායකත්වය දක්වමින් සෑම හමුදා මෙහෙයුමක් සදහාම සක්‍රිය දායකත්වය දක්වා ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ වන්නි වික්‍රම II iy III යාපනය අර්ධද්වීපය මුදා ගැනීම සඳහා මෙහෙය වූ ජය සිකුරු මෙහෙයුම, රිවිරැස මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම, ඉදිරිපිම්ම මෙහෙයුම, පුනරින් සහ මුලතිවු හමුදා කඳවුර මුදවා ගැනීම යන මෙහෙයුම් වලට දායක වී තිබේ. ඔහු උතුරු හා නැගෙනහිර හා මානුෂීය මෙහෙයුම් පදක්කම්ලාභියෙක් වන අතර යුධ වීරත්වය, සටන්කාමීත්වය, ධෛර්යය, නොකැළැල් චරිතය සහ අපක්ෂපාතී සේවය අගයමින් හමුදා පදක්කම් සහ සතුරා ඉදිරියේ පිළිබිඹු වූ රණබිම නිර්භය සටන් නිපුනත්වය, සටන්කාමීත්වය හා නිර්භීතකම සලකමින් ඔහු තෙවරක්ම රණ ශූර පදක්කම (Gallantry Medals) ලබා ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රිමත් ජොන් කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ විද්‍යාවේදී විදුලි ඉංජිනේරු (BSc) උපාධිය ලබා බංග්ලාදේශ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අණ පාඨමාලාව, පාකිස්ථානයේ ගුවන් ආරක්ෂණ කළමනාකරණ පාඨමාලාව, හොනොලූලූ හවායි හි ආරක්ෂක පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා මණ්ඩලික විද්‍යාලයේ ගුවන් මාණ්ඩලික පාඨමාලාව සහ එක්සත් රාජධානියේ රාජකීය ආරක්ෂක අධ්‍යන පාඨමාලාව වැනි හමුදා පාඨමාලා සාර්ථකව අවසන් කර තිබේ.

කලමණාකරන අධ්‍යන පිළිබද ශාස්ත්‍රපති උපාධිය MSc (Def Dtu) in Mgt, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියෙනුත්, ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදා විශ්ව විද්‍යාලයෙන් (Air University USA) ගුවන් මෙහෙයුම් කලාව සහ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියත් (MSc in Military Operational Art & Science) ලද එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ¸ ලන්ඩනයේ කිංස් කොලේජ් (University of London) වෙතින් ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති ගෞරව උපාධියද MA (Hons) in International Security & Strategy හිමිකරගෙන ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක නිළධාරියකු ලෙස කටයුතු කර ඇති අතර රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අනුයුත්තව ආරක්ෂක උපදේශක කවුන්සල්වරයා ලෙස කටයුතු කරමින් විදේශ සේවා පදක්කම ද ලබා ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ රත්මලාන අංක 2 ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරිවරයා ලෙසද ගුවන් හමුදා හිගුරක්ගොඩ, වවිනියාව හා කටුනායක ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරිවරයා ලෙසද කටයුතු කර පසුව ගුවන් ලේකම්වරයෙකු ලෙසද සිය සේවය පිළිඹිබු කර තිබේ.

චින වරාය ගුවන් හමුදා විද්‍යාපිඨයේ පීඨාධිපති,නැගෙනහිර ගුවන් ආඥාපති හා දක්ෂිණ ගුවන් ආඥාපති ලෙස ද කටයුතු කර ඇති හෙතම, අනතුරුව ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීම් ලැබුවේය.
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ප්‍රධාන හමුදා රාජකාරීන්ට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුරද හොබවා ඇති අතර දක්ෂ ක්‍රිඩකයෙක්වන හෙතම මේසපන්දු, ටෙනිස් සහ ගොල්ෆ් යන ක්‍රීඩා සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් ලබා ඇත.


බිරිඳ ඉනෝකා උදේනි සමඟ හැඩවන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ පවුලට ආදරණීය දියණියක සහ පුතෙක් (මියුනි සහ ඉනුර) සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්