නවතම පුවත්

විදුලි ගාස්තු හෙට සිට පහළට

අසංක

අසංක

විදුලි ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක වනපරිදි 14.2% කින් පහළ දැමේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළ අනුමැතිය දී ඇත.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කෙරේ. එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.

ඒකක 60ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කෙරේ. එම කාණ්ඩය සඳහා රුපියල් 650ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර ඇත.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරේ. එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි