නව රජය යටතේ ,අමෙරිකානු ඩොලර් මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් අලුතින් මෙරටට ලැබී ඇතැයි මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී ඒ අනුව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම මේ වනවිට කැමැත්ත පළකර ඇත.කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ.
ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ.
ඊට අදාළ ගිවිසුමට ඉදිරියේදී අත්සන් තබනු ඇති අතර අදාළ යෝජනාවට පසුගිය දා කැබිනට් අනුමැතිය ද හිමිවිය
මෙම ආයෝජනය සඳහා නුදුරේදීම අත්සන් කිරීමත් සමඟ ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.