නවතම පුවත්

නව වසරේ ,රජයෙන් සහන රැසක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටි.

එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටි.

මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවල් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.

සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  පැවසීය.

එසේම වී කිලෝවක් සඳහා ගොවියන්ට රුපියල් 75ක ලබාදීමට ද තීරණය කර ඇත.

මේ අතර පර්චර්ස් 20ට ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.

සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යව සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර ආබාධිත සෙබළුන් සඳහා ද රුපියල් 5000ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවද මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියා.

මිට අමතරව අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය

බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් .

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්