නව ව්‍යවස්ථාව හරහා ස්ථාවර රාජ්‍යයක් මේ රටතුල ඇති කරන්න බෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්ථාවර රටක් ගොඩනගන්ට නම් ස්ථාවර ආණ්ඩුවක් පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) කොටිකාවත්තේ පැවති එළිය වැඩසහටනේදී මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

“ අද වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තරගයක් පවතිනවා ඒක හැම ආයෝජකයෙක්ම දන්නවා. ඒවගේම මේ රජය දැන් ගේනන හදන ව්‍යවස්ථාව හරහා ස්ථාවර රාජ්‍යයක් මේ රටතුල ඇති කරන්න විදියක් නෑ.

ස්ථාවර රාජ්‍යයක් නැත්තම් අපි වගේ දියුණුවන රටකට කිසිය අයුරකින් රට දියුණු කරන්න බෑ. අපි එදා කතා කරේ නෑ වැඩ කරලා පෙන්නුවා. දැන් ඉදිරියේදී මේ සියලු අභියෝගවලට මුහුණ දෙන්න අපි සූදානම්. “