ඉෂාර රත්නකාර
ම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් ඒන්.ආර්. කන්සල්ටන්සි නමැතිි සමාගමක ආයෝජනය කිරීම තුළින් වරදක් සිදුකරන ලදැයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් විත්තිකාර නාමල් රාජපක්ෂ ඇතුළු 05 ෙදෙනකුට ඒරෙහිව පවරා තිබූ නඩුවක් අද කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඒම නියෝග කළාය.
ල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට මහාධිකරණය මගින් විදේශගතවීම තහනම් කරමින් යම් නියෝගයක් පනවා ඇත්නම් ෙමෙම නියෝගය තුළින් ඊට බලපෑමක් සිදුනොවන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඒහිදී අවධාරණය කළාය.
විත්තිකරුවන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ ෙනොවන බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණය වෙත දන්වා සිටියේ ය.