නවතම පුවත්

නාවික විරුවන් 357 ක් සුවය ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරානා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික විරුවන් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 27)  දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික විරුවන් සියලු  දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 08 දෙනෙකු නාවික මහ රෝහලින්ද,  04 දෙනෙකු හෝමාගම රෝහලින්ද, එක් නාවික විරුවෙක් මුල්ලේරියාව රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා විරුවන් 13 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා විරුවන් 357ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික විරුවන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්