නවතම පුවත්

වසර 2ක් යනතුරු වරිපනම් බදු ඉහළ යන්නෙ නෑ

අසංක

අසංක

පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු වසර දෙකක් යන තුරු ඉහළ නොදැමීමට රජය තීරණය කර ඇත.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මගින් වසර 5න් 5ට වරිපනම් බදු තක්සේරුව ඉහළ නංවන බවත් මේ වන විට වසර 10කින් එය ඉහළ නංවා නොමැති නිසා මෙවර කිහිප ගුණයකින් බදු ඉහළනංවන්නට එම ආයතන සැලසුම් කර තිබුණු බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද පැවසීය .

නමුත් කොවිඞ් වසංගතය තත්ත්වය යටතේ එසේ බදු ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම මහජනතාවට වන පීඩාව වැළැක්වීමේ අරමුණින් වරිපනම් බදු ඉහළනැංවීය වසර දෙකක් යන තෙක් අත්හිටුවීමට රජය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්