‘නාසි’ සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීම සම්බන්ධයෙන් එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ සමස්ත කැනේඩියානු ජනතාව වෙනුවෙන් යුක්‍රේනයෙන් සමාව ඉල්ලා තිබේ.

අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි.

මේ අතර, යුරොස්ලොව් හුන්කා යුද විරුවකු ලෙස හඳුන්වා දුන් කැනඩා කථානායක ඇන්තනී රොටා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව ද වාර්තා වේ.