නිදහස් පොදුජන සන්ධාන නාමයෝජනා පත්‍ර මේ සතියේ අවසන්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කිරීමට එහි නාම යෝජනා කමිටුව සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාමයෝජනා කමිටුව මේ වනවිටත් දිස්ත්‍රික් නායකයන් කැඳවමින් නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ අවසන් අදියර ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

මහ මැතිවරණය සදහා මෙම සන්ධානය ලබන සතියේ සඳුදා හා අඟහාරුවාද දින දෙකෙහි නාමයෝජනා බාරදීමට දැනට සැලසුම කර ඇත.