නවතම පුවත්

මේ දිනවල පානීය ජලය අර පිරිමැස්මෙන් පරිහරණය කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ප්‍රවේසමෙන් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුකු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වියළි කාලගුණ තත්ත්වය මේ වනවිට දිස්ත්‍රික්ක හයකට පමණ බලපා තිබෙන බවත්, මීට අමතරව කළු ගඟට ජලය මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පවුල් පනස් දහසකට අධික පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

පානීය ජල ගැටලුවලට ලක්ව සිටින ජනතාවට බවුසර් මගින් ජලය බෙදාහැරීම සිදුකරන බවත්, ජල මූලාශ්‍ර සුරක්‍ෂිත කිරීම හා පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් යොදාගැනීමට කටයුතු කළහොත් ඒ හරහා ජල සුරක්‍ෂිතතාවක් ඇති වන බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේ නොමැතිව නළ මගින් ලබාදෙන ජලය වාහන සේදීමට හෝ මල්පැලවලට යෙදීම හරහා ඉදිරියේදී ජල ගැටලුවක් ඇතිවිය හැකි බවත්, මේ මාසයේදී හා ලබන මාසයේදී අපේක්‍ෂිත වැසි නොලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම බොහෝ ප්‍ර‘දේශවලට දැනට ජල හිඟයක් නොමැති බවත්, එහෙත් වියළි කාලගුණ තත්ත්වය දිගටම පැවතිය හොත් අදාළ ප්‍ර‘දේශවල ජනතාවට ජලය ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.

මේ නිසා නළ ජලය සේම පානය කිරීමට සුදුසු ළිං ජලය, නළ ළිං ජලය සුරක්‍ෂිත කිරීම සියලු දෙනාගේ වගකීම බවත්, මීට අමතරව කැලෑ ගිනි තැබීම හරහා පරිසරය හා ජල උල්පත් විනාශ වී යන නිසා මෙවැනි කටයුතු සිදුනොකරන ලෙසත් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (09දා) දක්වා කාලය තුළ කැලෑබද ප්‍ර‘දේශ එකසිය හතළිහක ගිනිතැබීම් සිදුකර තිබෙන බවත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්