ශ්රී ලංකා විසින් දිනා ගත් දෙවැනි පදක්කම වාර්තා වූයේ මීටර් 5000 ඉසව්වෙනි. මිනිත්තු 16:55.18ක කාලයක් වාර්තා කරමින් නිමාලි රත්නායක රන් පදක්කම ජයග්රහණය කරන්නට සමත් විය. ඇය මෙම තරගාවලියේ දිනා ගත් දෙවැනි රන් පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 1500 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගත්තේ ඇය විසිනි.