නවතම පුවත්

අහස උසට නගින ළූනු මිල නිසා ඉන්දීය රජය ටොන් 35000ක් ආනයනය කරයි

අසංක

අසංක

ඉන්දියාව පුරා පවතින ලූනු ඉල්ලුමට සරිලන තරමට හෝ සැපයුමක් නොමැති වීම හේතුවෙන් අහසට උසට නැගෙමින් තිබෙන ලූනු මිල ද අවම කිරීමේ අරමුණින් දැනට ආනයනය කර ඇති ලූනු තොගවලින් ටොන් 35000ක් ලබන සතියේදී රජය විසින් මිලදී ගැනීමට සූදානම් වෙයි.

එරට වාර්තා පවසන්නේ එරට ලූමු මිල ගණන් කිලෝව ඉන්දීය රුපියල් 165- 180ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සමයේදී එරට ලූනු නිෂ්පාදනය කාලගුණයේ අයහපත් බලපෑම හේතුවෙන් 26%කින් පහළ බැස තිබුණි.

ඒ අනුව රට තුළ අවශ්‍යතාව සපිරීමට හෝ ලූනු නොමැති වීම නිසා ඉන්දියාවෙන් ලූනු අපනයනය තාවකාලිකව තහනම් කිරීමට එරට රජය පියවර ගත්තේ ය.

මේ තත්ත්වය යටතේ වැඩි වශයෙන් ලූනු ආනයනය කළ ලංකාවට ද එල්ල වූයේ බරපතළ පහරකි.

ඒ අනුව පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද ලූනු තොග පවා රජයට මිලදී ගැනීමට සිදුව තිබේ.

එමෙන්ම ඉන්දීය රජය විසින් ඊජිප්තුවෙන් ලූනු ටොන් 6090ක් ද තුර්කියෙන් ටොන් 11000ක් ද ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.

ලබන 15 වැනිදා සිට ජනවාරි 15 දක්වා කාලය තුළ ඇණවුම් කළ ලූනු තොග ලැබෙනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරයි.

ජනවාරි මැද භාගය වනවිට තුර්කියෙන් ඇනවුම් කළ අනෙක් ටොන් 4000 ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

තවත් ටොන් 5000 ටෙන්ඩර් 3ක් ලබාදීමට ඇති බව ද ඔහු පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්