නිමි ඇඳුම් මෙරටට ආනයනය කිරීම ලබන වසරේ සිට සීමා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.
මෙරටට අවශ්‍ය නිමි ඇඳුම් මෙරට තුලම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය
‘රෙදි මහපුවා – රෙඩි මේඩ් – ගේන එව්වා නවත්තනවා ලබන අවුරුද්දෙ. එතකොට මෙහේ තමයි ඒවා මහන්න වෙන්නෙ. ඒවායින් ඒ කර්මාන්තවල යෙදෙන අයට වාසියක් වෙනවා. බතික් දැනටමත් තහනම් කරලා තියෙනවා. ගම්වල ආපහු අත්යන්ත්‍ර පේෂකර්ම අපි පටන් ගන්නවා. ඒ පටන් ගත්තාම හොඳ කාලයක් අපට ආපහු උදාකරගන්න ලැබෙනවා” යයිද ඒ මහතා සඳහන් කළේය.