නිරෝධායන නීතින්ට යටත්ව බැංකු විවෘතව තබන්න – මහබැංකුව දන්වයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නිරෝධායන නීතිවලට යටත්ව මෙරට වාණිජ බැංකු සහ බලපත්‍ර ලාභී බැංකු ගනුදෙනුකරුවන් සඳහා විවෘතව තබන ලෙස මහ බැංකුව  බැංකු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

මහබැංකුව මෙම නිවේදනය කර ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින්  ඊයේ (07) දිනයේ සිට සතියක කාලයක් ගනුදෙනුකරුවන්ට බැංකු විවෘත නොවන බවට සිය නිල වෙබ් අඩවි මගින් නිවේදනය කිරීමත් සමගය.

ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන්  අදාළ බැංකු විවෘත තැබීම සඳහා අවසරය සහ උපදෙස් ලබාගත් බව මහබැංකුව පවසයි.

ඩිජිටල් බැංකු සේවා ද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මහ බැංකුව, මූල්‍ය කටයුතු, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කෂණ, විශ්‍රාම වැටුප් හා වැටුප් ගෙවීම් සහ විශේෂ මූල්‍ය සේවා පහසුකම් සඳහා අදාළ වාණිජ සහ බලපත්‍ර ලාභී බැංකු කටයුතු කිරීමේ අවශ්‍යතාව අදාළ චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබේ.

ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමට හා තැන්පත් කිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර අත්‍යවශ්‍ය කටයුතු විමසීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද බැංකු විසින් ලබාදිය යුතු බව එහි දැක්වේ.

ඒ අනුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී බැංකු සිය පාරිභෝගික ජනතාවගේ බැංකු සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු වේ.