බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන්ව අද දින මුලතිව් ගුවන් කදවුරෙන් පිටව ගොස් ඇත.
පසුගිය මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලතිවි කදවුරේ නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකළ මෙම පිරිස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ නිරෝධයනය වුහ.
පිරිමි පුද්ගලයින් 56 දෙනෙකු කාන්තාවන් 147 දෙනෙකු මෙම පිරිසට අයත්වුහ. මොවුන් දින 14 පුරාවට නිරෝධායනයට ලක්වු අතර මුලතිවි ගුවන් හමුදා කදවුරෙ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලය ඒ සදහා අවශ්‍යය පහසුකම් සැලසූහ.