නීතියට නොනැමෙන බව කී අසාත් සාලිට එරෙහිව විමර්ශනයක්

Picture of අසංක

අසංක

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි විසින් කළ ප්‍රකාශයකට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රටේ නීතිය කුමක් වුවත් තමා එය නොපිළිගන්නා බවත් තමා පිළිගන්නේ මුස්ලිම් නීතිය බවත් මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි බවත් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට සියල්ල ද විමර්ශනය සඳහා කැඳවා ඇත.