නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ අභිරහස් අපවත්වීම හොයන්න කණ්ඩායම් 8ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ අභිරහස් ලෙස අපවත්වීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 8ක් විමර්ශන සිදුකරයි.
දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය පසුගිය (08) වන දා සොයා ගනු ලැබුවේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක්ද ගැට ගසා කළපුවක තිබී ය.
අපවත් වු හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කොට දියේ ගිල්වා දැමීමට උත්සහ දරා ඇති බවට පොලීසිය සැකකරයි.